- ඔබට නොතේරෙන මූල්‍යය වෙලදපොලක් හෝ ආයතනයක ආයෝජනය කරන්න එපා. මොකද ඔබ උපයාගත් මුදල් යෙදවීමට පෙර නිසි ආකාරව ඒ පිලිබදව හොදින් සොයා බලා සිටින්න.
- මා මෙහි සදහන් කර ඇති මුදල් උපයන ක්‍රම වලට ඔබ මුදල් යෙදවීමට පෙර හොද ප්‍රායෝගික පුහුනු වීමක් ලබා ගන්න. එසේ කිරීමට Expert option මගින් පුහුණු ගිනුමක් (Demo Account) ඔබට ලබා දේ.
- ඔබට යම් කිසි පුද්ගලයෙක් පැවසූ සැනින් ඔබ මුදල් යොදවන්න එපා. මොකද ශ්‍රී ලංකාව තුල නිරන්තරයෙන් දැනුම නොමැති කම නිසා විශාල මිනිසුන් ප්‍රමානයක් මුදල් ආයෝජනය කර කිසිම ප්‍රයෝජනයක් ලබා නොගෙන මුදල් නැතිකර ගත් අවස්තා බොහෝ තිබේ. MTFE / Onmax DT ආදිය ඔබට මතක ඇති. මේවාට අසු නොවීමට ඔබට හරි ලේසි, පොඩ්ඩක් හිතන්න ඔයා Account එකක් පටන් අරන් ඒකෙන් ඔයා තව එකතු කරගන්න එක පුද්ගලයෙක් වෙනුවෙන් ඔයාට ලොකු ගානක් ගෙවනව කියල කියනවනෙ, අන්න එහෙම පිරමීඩ විදිහට තමයි ,ඒව පටන් ගන්නෙ. මුලගදි සල්ලි ගන්න පුලුවන් අන්තිම සෙට් එකට මොකුත් කරගන්න බැරි වෙනව. හවස 6.30 ට බොට් එක ඔන් කරන්න විතරයි තියෙන්නෙ වගේ සුරන්ගනා කතා වලට ලන්කාවෙ ගොඩක් මිනිස්සු අහු වුනා. Option Trading , Binance , වගේ ඒවගෙ එහෙම ඔයා තව කෙනෙක්ට කියල එයාවත් ගත්ත කියල ඔයාට මොකුත් හම්බෙන්නෙ නෑ. පොඩි බෝනස් එකක් වගේ හම්බෙන්න පුලුවන් නමුත් ඒක 1% වගේ තියෙයි.
- යම්කිසි පුද්ගලයෙක් හෝ කන්ඩායමක් ඔබට පවසනවා නම් මුදලක් තැන්පත් කර මාසයකින් හෝ දින ගනනකින් ඔබට මුදල් දෙගුන කර ගත හැකි බව හෝ ඒ හා සමාන අදහස් ඔබ ඒවට අසු නොවීමට වග බලා ගන්න. එසේ පවසන්නට හේතුව නම් ඔබ තැන්පතු කරන මුදලට මුදලක් (පොලියක්) ලබා දෙන්නේ වාණිජ බැංකු මගින් පමණි.
- Online trading , crypto , Binance , option trading , Buy & Sell මේ සියලු ආකාරයට පවසන්නේ ඔබට මුදලක් තැන්පත් කර ඒ වෙනුවට මුදලක් දින කිහිපයකින් ලබා ගැනීමට පුලුවන් දෙයක් නෙවෙයි. සරලවම කියනව නම් ඔබට මුදලක් ආයෝජනය කරල නිකන්ම ඉදල සල්ලි හොයන්න මේවගෙන් නම් බෑ. අද මම මෙච්චරක් දාල අද මම දහගුනයක් හෙවුව කියල ගොඩක් කට්ටිය පොස්ට් දානව කියනව දැකල අති. ඔව්, එහෙම කරන්න පුලුවන්. ඒත් ලේසි නෑ. හොදට ඉගනගෙන පලපුරුද්ද තියෙන්න ඕනි.
- ඔබගේ කිසිම user name, login password, OTP ( one time password ) දෙයක් කිසිවෙකුට දෙන්න එපා.
Trading කියන්නෙ මුදල් උපයන්න පුලුවන් හොද ක්‍රමයක්, හොදට ඉගන ගෙන පටන් ගන්න කියන උපදේශය දෙන්න කැමති අලුතෙන් මේවා පටන් ගන්න ඉන්න කට්ටියට. මමත් මූල්‍යය උපදේශකයෙක් නොවන බවත් මා ඉගන ගත් දෙය හා කරගෙන යන දේවල් එක්ක ඒ අත්දැකීම ඔබා හා බෙදා ගන්නා බවත් මෙයින් දන්වන්න ඕනි.
පහතින් දකවා ඇත්තේ Expert Option Real trading ගිණුමේ Screen Shot කිහිපයකි.
No comments:
Post a Comment