අන්තර්ජාලයෙන් මුදල් උපයන්න ඕනි නම් ඒකට පහත දක්වා ඇති ගිනුම් තියෙන්න ඕනි.
Very Important (ඉතා වැදගත්) :- සියලුම ගිනුම් සදහා එකක් වන පරිදි ඔබට අමතක නොවන e mail address එකක්, password එකක්, සහ ඔබ භාවිතයෙන් ඉවත් කිරීමට අදහස් නොකරන ඔබ පමනක් භාවිතා කරන දුරකතන අංකයක් මේ සදහා භාවිතා කරන්න.
- Online Bank Account (අන්තර්ජාල පහසුකම් සහිත ඔබේම නමට ඇති බැංකු ගිනුමක් ) [ BOC / Com bank / Sampath / Peoples / NSB / HNB ]
- Skrill Account ( අන්තර්ජාලයෙන් මුදල් ගෙවිය හැකි ගිනුම් වර්ගයකි )
- Binance Account ( සියලුම මුදල් ගනුදෙනු සිදුකිරීමට අවස්තාව ලබාදෙන, මුදල් වර්ග ලබා ගැනීම් හා විකිනීම් සිදුකරන ලොව පිලිගත් අන්තර්ජාල ගනුදෙනු සිදුවන ගිනුමකි.)
ඉහතින් දක්වා ඇති ගිනුම් අතරින් ඔබට දැනටමත් ඔබගේ නමට සාදා ඇති බැංකු ගිනුමක් ඇතැයි සිතමු. එසේ නොමැති නම් ඔබට ලගම බැංකුවෙන් සාදා ගන්න. ඔබට දැනට බැංකු ගිනුමක් තිබුනත් එයට අන්තර්ජාල පහසුකම් නොමති නම් ඔබ පලමුව ගිනුමට එම පහසුමක සහ SMS Alert පහසුමක ලබා ගන්න.
ඉන් පසු ඔබට පහත සදහන් කර ඇති ලියකියවිලි අවශ්‍යවේ.
- වලංගු රියදුරු බලපත්‍රය ( ඉංග්‍රීසියෙන් විස්තර තියන නිසා මේක හොදයි.)
- රියදුරු බලපත්‍රය නොමැති නම් ජාතික හැදුනුම්පත ( ඉංග්‍රීසියෙන් නම තියන එක නම් පහසුයි)
- ඔබගේ නමට ඇති සහ ඔබගේ ජා.හැ.ප හෝ රියදුරු බලපත්‍රයේ ඇති ලිපිනයම සදහන් වන බැංකු ගිනුම් පාස් පොතේ ෆොටෝ එකක්. ( මෙය ඔබගේ ලිපිනය සනාත කිරීමට අත්‍යාවශය වේ.)
- ඔබගේ ලිපිනයට අදාල ප්‍රදේශයේ තැපැල් සන්කේතය.
No comments:
Post a Comment